ප්රවීන ගායක ඩබ්ලිව්.ඩී. ආරියසිංහ (64) මීට ස්වල්ප වෙලාවකට පෙර සිය නිවසේදී අවප්රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග කියයි. අවසාන වකවානුවේ ඔහු සිටියේ රෝගාතුර වූ තත්වයකය.
ආරියසිංහයන් දක්ෂ සංගීතවේදියෙක්, ගායකයෙක් මෙන්ම හොඳ සංගීත පසුබිමක් තිබුණු නිර්මාණ ශිල්පියෙක්. මා ලඟටම තව ලං වෙලා, වලාකුළු පෙළෙන් බහින්න වැනි ගීත හරහා ඔහු රසික හදවත් ආමන්ත්රණය කළේ කිසිදාක නොමියෙන අයුරිනි.
ආරියසිංහයන් රට තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූයේ ඩබ්ලියු.ඩී අරමදේවයන් ගැයූ ගීත නව සංස්කරණයක් යටතේ ගායන කිරීමත් සමගය. ඔහුගේ එම ගායන මැදිහත් වීම ඔහු විසින් ගොඩ නගා ගත් සංගීත පෞරුෂය යට කර දැමූ බව විචාරක මතයක් වී තිබිණි.
මේ විශිෂ්ට ශිල්පියා ගේ අවසන් කටයුතු මතු දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.