පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සිව්දෙනෙක් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම විරෝධය පළ කළ බව වාර්තා වේ.
බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර යන අමාත්‍යවරුන් මේ අනුව පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ප්‍රකාශ කර ඇති අතර එයට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ මේ දිනවල රටේ පවතින තත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින යම් විවේචනාත්මක කරුණු හේතුවෙන් එම මැතිවරණය කඩිනම් කිරීම අවාසි සහගත විය හැකි බවයි.
පළාත් සභා මැතිවරණය පිළිබඳ යෝජනාව පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට යොමු කරන ලද අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ බහුතර මැතිවරුන් ඊට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.
එම අමාත්‍යවරුන් ගේ මතයට අනුව මෙම තීරණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා තව දුරටත් සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමේ දී යි තීන්දු වී තිබේ.
පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ද හමු වී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලෙස ඉල්ලා සිටි අතර එහිදී එය පවතින මැතිවරණ ක්‍රමය යටතේම පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්විය.