පලාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා ද, නැද්ද යන්න පිලිබඳව ලඟදීම තීන්දුවක් ගන්නා බව පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර පවසයි.
පළාත් සභා ක්‍රමය වර්ෂ 1989 සිට මේ දක්වා වසර 31ක් රට තුළ ක්‍රියාත්මක වූ බවත්, ඉන් ජනතාවට යහපතක් සිදුවී තිබෙනවා ද නැද්ද යන්න පිළිබඳව පුළුල්ව විමර්ශනය කර තමන්ට වාර්තාවක් ලබාදීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කර ඇති බවත් ඇමතිවරයා කියයි…
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමත්‍යවරයා එම අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසී කළ මුල්ම සාකච්ඡා අවස්ථාවේ ඉහත කාරණාව දැක්වූයේය.
මෙම විද්වත් කමිටුව ලබාදෙන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරයා ලංකාසරට කීයා හිඳියි.