මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් නිසා රට තුළ පවත්නා නිර්මාණය වූ නව තත්ත්වය තුළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළවිභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
අද (5) රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශයක් දෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11දි න පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වේ.
එහෙත් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමාකර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තු එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
ඒ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් 1911 ක්ෂණික අංකය ඔස්සේ තොරතුරු විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.