දිනසේන රතුගමගේ:
කිළිනොච්චිය තිරුනගර් ප්රදේශයේ පදිංචිව සිටි හිටපු කොටි සෙබළියකට පහර දී ඇයව නිවසින් එලවා දැමීමෙන් පසුව ඇය ගසක් යට ඉදිකරගත් කූඩාරමක 22 දා සිට ජීවත් වේ.
මෙම කොටි සෙබලිය රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වී තිරුනගර් ප්රදේශයේ පදිංචිව සිටි අතර ඇය පදිංචිව සිටි නිවසට පැමිණි පිරිසක් ඇයට පහර දී ඇගේ නිවසේ භාණඩද මහමගට වීසි කොට තිබුණි.
කොටි සාමාජිකයෙකු වූ ඇගේ ස්වාමියා යුද සමයේදී අතුරුදහන් වී ඇති අතර මේ සෙබළියගේ සහෝදරයින් දෙදෙනෙකුද කොටි සාමාජිකයින් වශයෙන් කටයුතු කොට තිබේ.
ඇය තමන්ට වූ අසාධාරණය පිළිබදව කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.