පලා කැඩීමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙක් කටාන අම්බලයාය ප්රදේශයේ පිහිටි හල්පේ විල නැමැති ජලාශයට වැටී මිය ගොස් සිටියදී හමු වූ පුවතක් කොච්චිකඩේ පොලිසිය වාර්තා කරයි.
මිය ගිය මව සහ දරු දෙදෙනා ඊයේ දහවල් පලා කැඩීම සඳහා ගොස් ඇත. නමුත් ඔවුන් තිදෙනාම රෑ වනතුරුත් ඔවුන් තිදෙනාම නැවත නිවසට පැමිණ නැත.
ඒ අනුව අසල්වාසීන් මෙම අතුරුදන් වූ මව සහ දරුවන් දෙදෙනා සෙවීම සඳහා ඊයේ රාත්රියේ සිට අද උදෑසන දක්වා නිදි වරාගෙන වෙහස වී තිබේ. එසේ මේ පිරිස සොයාගෙන යන අයට හල්පේ විලේ පාවෙමින් තිබිය දී මෙම මව සහ දරුවන් දෙදෙනාගේ සිරුරු හමු වී තිබේ.
මිය ගිය ඇත්තේ දෝන සූජීවා (42) මව, ඉෂාරා දෙව්මිණි (10) දියණිය සහ සසිඳු අනුහස් (09) පුතනුවන්ය.
මියගිය අයගේ මෘතදේහ මීගමුව රෝහලේ තැන්පත් කර තිබේ. අද දිනයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවත්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් කොච්චිකඩේ පොලිසිය පවසයි.