කීර්ති ප්රනාන්දු – මිනුවන්ගොඩ
ඉරිදා දේව මෙහෙයන්ට සහභාගී නොවන ලෙසත් පල්ලිවලට ප්රහාරයක් එල්ල වීමට නියමිතව ඇති බවත් කියමින් කෙටි පණිවිඩ යවා ඊයේ ජනතාව භීතියට පත් කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.
මේ පුද්ගලයා ජා ඇල වැලිගම්පිටියේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පුද්ගලිය ආයතනයක ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කරමින් සිටි ඇත.
අද පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පුද්ගලයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.