මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පිටතට පනින ලදුව අල්ලා ගැනිමට හැකිවූ තිදෙනා අතරින් එක් අයෙකු බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි විශාල ගසකට නැග විරෝධාවක් ආරම්භ කර තිබේ.
තමන් අසලට පැමිණ හිරිහැර කලහොත් ගසමතින් බිමට පැන සියදිවි හානි කරගන්නා බවට ඔහු පවසයි.
කොවිඩ් 19 ආසාදනය වේයැයි බියෙන් පලා යාමට උත්සාහ කල බවත් , බන්ධනාගාර භූමියේ කිසිදු පහසුකමක් නොමැතිව ජීවත්වනවාට වඩා මිය යෑම හොද බවත් ඔහු ගස මත සිට කෑ ගසා කියයි.
බන්ධනාගාරයෙන් පැන යන්නට උත්සාහ කළේ රැඳවියන් 4 දෙනෙක් බව මුලින් වාර්තා වුවත් එසේ උත්සාහ කළේ රැඳවියන් 5 දෙනෙක් බව පසුව වාර්තා විය. බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි මෙම සැකකරුවන් 05 දෙනා ඊයේ (18) අලුයම 1.00 ට පමණ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කර ඇත. ඉන් එක් අයකු මිය ගිය අතර ඔහු අනුරාධපුර කටුකැලියාවේ පදිංචි අබ්දූල් රහීම් තස්මින් (30) බවට හඳුනාගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය. මිනිස් ඝාතනයක සැකකරුවෙකු වන මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යය ජාවාරමටද සම්බන්ධව සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ
බරපතල තුවාල ලත් අනෙක් පුද්ගලයා 24 වැනි වියේ පසුවන අතර ඔහු තඹුත්තේගම ප්‍රාදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයින් බවට සැකකරන පුද්ගලයින් ඇතුළු කරන වාට්ටුවකට යොමුකර ප්‍රතිකාර ලබා දෙමින් සිටි.
මෙම සිදුවිමෙන් එක් රැඳවියෙකු බෝගම්බර පොලිස් නිල නිවාස පිහිටා ඇති ප්‍රදේශය ඔස්සේ පළාගොස් තිබෙන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.