දිනසේන රතුගමගේ –
වවුනියාව නෙඩුන්කේණී “ මාග“ ආයතනයේ තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව මීට ටික වෙලාවකට පෙර හඳුනා ගත්තේය.
ඔවුන්ව මේ වන විට යාපනය කොරෝනා ප්රතිකාර රෝහලක් වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
නෙඩුන්කේණියේ මාර්ග පද්ධතියක් හදමින් සිටි “මාග“ ආයතනයෙන් මීට පෙර කොවිඩ් රෝගීන් තුන් දෙනෙකු හමු වූ අතර ඔවුන්ව වවුනියාව මහ රෝහලේ රඳවා සිටියි.
මෙම පස් දෙනාම යාපනයට යැවිය යුතු බවට තීරණය වී ඇත. මුලු ආයතනයේ 82කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායනයේ පසුවෙයි.