මහනුවර පුෂ්පදාන මාවත දෙසින් පැමිණි ලොරියක් අද අළුයම වේගය පාලනය කර ගත නොහැකිව මහනුවර පොලිසියේ ප්රධාන කාර්යාලයේ තාප්පය කඩාගෙන සිදුවූ අනතුරෙන් එහි රියදුරු මියගොස් ඇති අතර රිය සහයකයා තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ලංකාසර මහනුවර වාර්තාකරු පවසයි.
අද අළුයම 4.10ට පමණ සිදුවූ මෙම අනතුරට ලක් වූ ලොරි රථය දහයියා තොගයක් ප්රවාහනය කරමින් තිබී ඇති අතර මෙම අනතුරින් මිය ගිය රියදුරා වයස අවුරුදු 57ක් වියැති අලුත්ගෙදර ගුණපාල නැමැත්තා බවට හඳුනාගෙන ඇත. අනතුරින් ලොරි රථයට දැඩි අලාභහානි සිදුව ඇති පොලිසියේ තාප්පයටද බරපතල හානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.