සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඔහු ගේ පවුලේ සාමාජිකයන් පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක් කර ඇති බව ලංකාසරට වාර්තා වේ.
බස්නාහිර පළාතේ වෙසෙන පුද්ගලයන් පසුගිය දින කිහිපය තුළ පිට පළාත්වල සංචාරය කළේද යන්න පිළිබඳව කෙරුණු සොයා බැලීමකදී හිටපු අමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම හෝටලයේ සිටින බවට අනාවරණය වී තිබේ.
රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා කොළඹින් පිටත් වු බවට ප්‍රකාශ කරන බවත් එසේ වුවද ඔහු පසුගිය 28 වැනිදා පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයට පැමිණි බවට වාර්තා පවතින බව පොලිස් ආරංචි මාර්ග ලංකාසර අනාවරණය කළේය