මිනුවන්ගොඩ ගල්ඔළුවේ විසූ පිළිකා රෝගයකින් පෙළුනු 80 වියැති මුස්ලිම් ජාතික කාන්තාවක් නිවසේ දී මිය ගිය පසු ග්‍රාමසේවක, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලිසිය හෝ කිසිම වගකිවයුතු ආයතනයක් දැනුවත් නොකර, පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා රහසේම භූමදානය කර ඇතැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.
ග්‍රාම නිලධාරීවරයා මේ තොරතුර දැනගන්නේ පසුගිය 8 දා රාත්‍රියේ බවත්, එ් අවස්ථාවේම මේ සම්බන්ධව පොලිසිය දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.
මිනුවන්ගොඩ ගල්ඔලුව ප්‍රදේශයේ කොවිඩ් වේගයෙන් පැතිරී යන අතර කොවිඩ් ආසාදිතයන් කිසිවෙක් තමන්ගේ ආශ්රියතයන් හා අදාල වෙනත් තොරතුරු ලබා නොදීම නිසා සෞඛ්‍ය අංශ බරපතල අර්බුදයකට පත් වූ බවත් මේ සම්බන්ධව ඉහළ බලධාරීන් දැනුවත් කර ප්‍රදේශය හුදකලා කිරීමට වරෙක යෝජනා කළ බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පැවසුවේය.
මේ සම්බන්ධව ලංකාසර කළ විමසුමක දී මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය පැවසුවේ පවතින නීිතිය ප්‍රකාරව කිසිම මල සිරුරක් පී.සී.ආර් පරීක්ෂණකයට ලක් නොකර අවසන් කටයුතු කිරීමට නොහැකි බවය. ඒ අනුව මේ සිරුර ද පී.සී.ආර් පරීක්ෂණකයට ලක් කළ යුතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
මේ වනවිට මිනුවන්ගොඩ පොලිසිය මරණය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාව ඉල්ලා ඇත. එම වාර්තාව අනුව ඉදිරි කටයුතු කිරීමට සූදානම් බව ද මිනුවන්ගොඩ පොලිසිය වැඩි දුරටත් පැවසීය.