පොලිස් නිලධාරීන් 142කට මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් රෝගය ආසාදනය වීමේ දරුණු අනතුරකට මුහුණ පා ඇති බව ලංකාසරට අනාවරණය වේ.
මේ වනවිටත් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ පළමු ආශ්‍රිතයන් පොලිස් නිලධාරීන් ආයතන තුළම නිරෝධායනයට ලක් කර සිටියද ඔවුන්ද මේ මොහොතේ විවිධ ක්ෂේත්‍ර රාජකාරීවලට පවා යොමු කරන තත්ත්වයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය කිසිදු ඉහළ නිලධාරියකුගේ නිසි අධීක්ෂණයට ලක් නොවන අතර පොලිස් ස්ථානාධිපතිවරුන් පවා අදාළ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ අභියෝගයකට ලක්ව ඇති බව කියවේ.
මෙම වාර්තාව ලංකාසර වෙබ් අඩවියේ පළ වන මොහොතේද නිරෝධායනයට ලක් වෙමින් සිටින පොලිස් නිලධාරීන් විවිධ රාජකාරී කටයුතු සඳහා යොදවනු ලැබ ඇති අතර ඔවුන් නිරෝගී නිලධාරීන් සමඟ මෙනම් මහජනතාව සමඟ ද ගැවසීමට ලක් වීමට සිදුව ඇති අතර මෙයින් ඔවුන් දැඩි අනතුරකට මුහුණ දී ඇත.
බොහෝ පොලිස් ස්ථානවල නිරෝධායන වන පොලිස් නිලධාරීන් සඳහා වැසිකිලි ඇතුළු වෙනම පහසුකම් සපයා නැති අතර මෙම තත්ත්වය පිළිබඳව නිසි අවධානයක් යොමුව නැති බවද වාර්තා වේ.
සෑම දිනකම අවදානම් සහගත පොලිස් නිලධාරීන් කණ්ඩායම් වශයෙන් පී.සී.ආර් පරීක්ෂාවන්ට යොමු කෙරන අතර ඒ සෑම පරීක්ෂණ වාරයකදීම පොලිස් නිලධාරීන් ආසාදනයට ලක්වන අතර ගත වූ පැය විසි හතර තුළ පොලිසියේ 40 දෙනකු පමණ රෝග ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.මෙයින් ඇතැම් ආසාදිතයන් පීසීආර් පරීක්සණ පැමිණි පසුව පවා ප්‍රතිකාර සඳහ යොමු කෙරෙන තෙක් අදාල පොලිස් ස්ථාන තුළම රැඳී සිටින්නට සිදුව ඇත.
මේ වනවිට කොවිඩ් මර්දන රාජකාරීවල විශාල කාර්ය භාරයක් සිදු කරනු ලබන පොලිසියේ නිලධාරීන් මෙසේ නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම මත රෝගී වීම පාලනය කිරීමට අදාළ පියවර නොගතහොත් දපොලිසිය දැඩි අර්බුදයකට ලක් විය හැකි බව මේ පිළිබඳව කරුණු හෙළි කළ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.