නිරෝධනය සඳහා පිරිසක් රැගෙන යාපනය කරා ගමන් කරමින් සිටි බස් රථයක් අද (27) පෙරවරුවේ පලෙයි ප්රදේශයේදී අනතුරට ලක් වූයේය.
මෙම බස් රථ අනතුරෙන් එහි සිටි 21 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පලෙයි පොලිසිය පවසයි.
බස් රථයේ වේගය පාලනය රියදුරුගෙන් ගිලිහී ගොස් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි. අනතුර සම්බන්ධයෙන් පලෙයි පොලිසිය පරික්ෂණ පවත්වයි.