තුෂාරී කළුබෝවිල
නිරිතදිග මෝසම ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 30 ක් ලැබෙනුයේ නිරිතදිග මෝසමෙනි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ද කලුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ද බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වේ.
සවස් කාලයේදී නැගෙනහිර හා ඌව පළාත්වල ද වැසි ඇති වන බව පැවසේ.
වැසි සමග අකුණු අනතුරු ද ඇති විය හැකි බව ද අවධාරණය කෙරේ.