මෙරට තුළ යළි සංචාරක ක්ශේත්‍රය යළි ආරම්භ කර ප්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් යටතේ පසුගිය දා මෙරටට ආ විදේශිකයන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
සංචාරක කණ්ඩායමක කොටසක් ලෙස යුක්රේනයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු COVID-19 වෛරසය වැළඳී ඇතැයි මෙලෙස තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
පසුගිය සඳුදා (28) මෙරටට ආ පළමු යුක්රේන කණ්ඩායමේ තිදෙනෙකු මෙලෙස ආසාදිතයින් වී ඇත.
මේ වනවිට යුක්රේන කණ්ඩායම් දෙකක් මෙරටට පැමිණ තිබේ.
අදාළ නියමු ව්‍යාපෘතිය යටතේ රුසියාව ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන් මෙරටට පැමිණීමට නියමිතය.