සුසන්ත අමරබන්දු
- මරණය සිදු වී දින 10ක්… ඒ දින 10 තුළ රටේ කොවිඩ් මරණ 27ක් නිරෝධායන නීති ප්‍රකාරව අවසන් කටයුතු කරලා
- පැය 24න් අවසන් කටයුතු කරනන් නියෝග තිබුණත් එය සිද්ධ වෙන්නෙ නෑ… මෘත ශරීරය රෝහල් මෘත ශරීරාගාරයේ…
නැගෙනහිර පලමු කොරෝනා මරණය සිදුව දින 10ක් ගත වුවද එම මළ සිරුරේ අවසන් කටයුතු තවමත් සිදු කර නොමැති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි..
පසුගිය 09 දා වෙනිදා කල්මුණ අෂ්රොෆ් රෝහලට පැමිණි අයකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා 10 වන දින කොළඹ අයි ඩී එච් රෝහල වෙත රැගෙන එන අතරවාරයේදී අතරමගදී ඔහු මිය ගොස් තිබිණි .ඉන් පසු එම මියගිය අයගේ සිරුරු නැවතත් කල්මුණ අෂ්රොෆ් රෝහලට රැගෙනවිත් මෘත ශරීරාගාරයේ තබා තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ 81 හැවිරිදි සමන්තුරේ පදිංචි අයෙකි.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ගෙන මියගිය අයගේ අවසන් කටයුතු කරන බව සෞඛ්‍ය බලධාරීන් විසින් දැනුම් දෙන ලදි. නමුත් කොවිඩ් ආසාදිතයෙක් ගේ මරණයක් පැය විසි හතරක් තුළදී අවසන් කටයුතු සිදු කළ යුතුව තිබුණ ද දින 10ක් යනතෙක් නොකිරීම පිළිබඳ බොහො දෙනෙක් මවිතය පළ කරති.
මේ දින 10 ඇතුළත මේ රට තුළ මිය ගිය කොව්ඩ් ආසාදිතයන් 27 දෙනෙකුගේ අවසන් කටයුතු රටේ අනුදත් නිරෝධායන නීති ප්‍රකාරව සිදු කරද්දී කල්මුනේ රෝහලේ මෙම කොවිඩ් ආසාදිත මල සිරුර ගබඩා කර තැබීම පිළිබඳව ගැටලුවක් මතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
නමුත් ලැබුනු තොරතුරු මත කියවෙන්නේ මියගිය අයගේ සිරුරෙන් දින හතක් යන විට කොවිඩ් වෛරස ය ඉවත් වෙන බවත් ඉන්පසු පි. සි.ආර් . පරීක්ෂණයක් සිදු කර ඔහුගේ සිරුර මිහිදන් කිරීමට සැලැස්මක් තිබෙන බවත් ය.
කෙසේ නමුත් රටේ පොදු නීතිය ප්‍රකාරව කොවිඩ් ආසාදිතයන් මිය ගොස් පැය 24 තුළදී ජාත්‍යන්තර නිරෝධායන නීති ප්‍රකාරව අවසන් කටයුතු සිදු කරන නමුදු කල්මුණ ප්‍රදේශයට පමණක් රටේ නීතිය වලංගු නොවන්නේ මන්දැයි ගැටලුවක් ඇති වී තිබේ.