කීර්ති ප්‍රනාන්දු –
ඊයේ ( 15) රාත්‍රියේ නාරම්මල බස් නැවතුම්පල අසල වූ රා තැබෑරුම ලඟ වැටී මිය ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු කරගෙන තිබේ.
මිය ගිය පුද්ගලයාගේ දේහය දඹදෙණිය මූලික රෝහලට ගෙන ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව කළ විට මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ බව දඹදෙණිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීණී නදීකා මුණසිංහ පැවැසුවාය.
56 වියැති මෙම පුද්ගලයා රා තැබෑරුම අසල වැටී සිටියදී අවට සිටි ජනතාව දැක සුවසැරිය ගිලන් රථ සේවය දැනුවත් කර රෝහල්ගත කර ඇත.
රෝහලට ඇතුළත් කරන විට පුද්ගලයා මිය ගොස් සිටි බව වෛද්‍යවරු කීහ.
මෙම පුද්ගලයා භාරකරුවෙක් නොමැතිව යාචක දිවියක් ගතකරමින් සිටින අයෙක් බව පොලිසිය පැවසීය. මියගිය අයගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව නාමරම්ල දංගොල්ල ආදාහනාගාරයේ දී ඊයේ රාත්රිෙයම සිදුකල බව නාරම්මල පොලිසිය කීවේය.