දිනසේන රතුගමගේ –
කොරෝනා වුවදුර මැඩ පැවැත්වීම සදහා අග්රාමාත්යවරයාගේ උපදෙස් මත රතන සූත්රය දේශනා කිරීමේ වැඩ සටහන යටතේ යාපනය නාගදීප විහාරස්ථානයේදි හා වවුනියාව මඩුකන්ද ශ්රී දළදා රජමහා විහාරස්ථානයේදී රතන සූත්ර දේශනා කිරීමේ අවස්ථාවන් සංවිධානය කොට තිබුණි.
නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති එම අවස්ථාවට නාවික හමුදාවේ ප්රධානීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
උතුරු නගෙනහිර දෙපළාතේ ප්රධාන අධිකරණ සංඝනායක මුවඇටගම ආනන්ද හිමියන්ගේ අනුසාශකත්වයෙන් පැවති රතන සූත්ර දේශනා පින්කමට වවුනියාව දිසාපති සමන් බන්දුලසේන මහතා ඇතුලුව ආරක්ෂක අංශ ප්රධානීන් රැසක්ද විශාල ජනතාවක්ද සහභාගී වී සිටියහ.