නව කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වූ නව රජයේ ප්‍රථම කැබිනට් රැස්වීමේ දී මෙම පත්වීම සිදු කර තිබේ. පසුගිය රජයේ කැබිනට් ප්‍රකාශකවරු ලෙස බන්දුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ කටයුතු කළේය. මෙවර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට එම තනතුර ලබාදීමට යෝජනා වී තිබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.