දිනසේන රතුගමගේ
යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය 25 දා කොඩි එසවීමත් සමගම ආරම්භ වුණි.
මෙවර වාර්ෂික මංගල්ලයට සහභාගී විය හැක්කේ බැතිමතුන් පනහකට පමණක් බවට යාපනයේ සෞඛ්‍ය අංශ කෝවිලේ බාරකාර මණ්ඩලයට දැණුම් දීමෙන් පසුව ඔවුන් විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියක් සලකා බැලීමෙන් පසුව බැතිමතුන් සංඛ්‍යාව තුන්සීයකට සහභාගී වීමට අවසර ලැබී තිබේ.
නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය අවසන්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 20 වෙනිදාය.
මෙවර මංගල්ලයට සහභාගි වන සියලුම බැතිමතුන් සෞඛ්‍ය නීති රීති වලට ගරු කළ යුතු අතර සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඒ පිළිබදව දැඩි අවධානයකින් යුතුව පසුවෙති.