කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදුණු බව සැක කරන දොම්පෙ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධනත් ඔහු හා සම්බන්ධ තවත් පුද්ගලයෙක් මැණ්ඩි මත්ද්‍රව්‍ය හා ගංජා සමග වලාන දූූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (07) අළුයම අත්අඩංගුවට ගනු ලැබුවේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගංජා ග්‍රෑම් පහක් සමග කඩුවෙල දී ද ඔහුගේ සහායකයා අතුරුගිරියේ දී මැණ්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සමග ද අත්අඩංගුවට පත් වී තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් සුඛෝපභෝගී රථය ද අත්අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.