සිය දෙවන ගමන සඳහා හැඩවන්නට මීරිගම නගරයේ රූපලාවණ්‍යගාරයට පැමිණි මනාලියන් දෙදෙනෙක් එහි සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් සහ රූපලාවණ්‍යාගාරය හිමි අය ඇතුළු පස් දෙනෙක් හදිසියේ සිහි විසඥ වී මීරිගම මූලික රෝහලට ඇතුළත් කළ සිද්ධියක් අද සවස මීරිගමින් වාර්තා විය.
අද සවස පැවැත්වීමට නියමිත දෙවන ගමන මංගල සාදයට හැඩවීම සඳහා මෙම මනාලියන් දෙදෙනා මෙම රූපලාවණ්‍යාගාරයට පැමිණ තිබිණි.
ඒ අවස්ථාවේ විදුලිය නොමැති හෙයින් විදුලි ජනකයක් ක්‍රියාත්මක කර වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබී ඇත. විදුලිජනක යන්ත්‍රය තිබී ඇත්තේ වායු සමීකරණය කළ කාමරය තුළ වායුසමීකරණ යන්ත්රයටය.
ටික වෙලාවක් යනවිට මනාලියන් දෙදෙනාට සහ සේවිකාවන් දෙදෙනාට තදබල හිස කැක්කුමක් ඇති වී සිහි විසඥ වී ඇත.
ඒ බව දැනගෙන රූපලාවණ්‍යාගාරය තුළට පැමිණි එහි හිමිකරු ද සිහි විසඥ වීමත් සමග මනාලියන් සමග පැමිණ සිටි පිරිස් පොලිසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කර රෝගී වූ පුද්ගලයන් මීරිගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මංගල උත්සව කඩාකප්පල් වී ඇතත් රෝගීන් දැනට බරපතල තත්වයක නොසිටින බව මීරිගම මූලික රෝහල් අධිකාරී වෛද්‍ය ජයන්ත අබේරත්න පැවසීය.
සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.