දිනසේන රතුගමගේ –
යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ (කදුරුගොඩ) පුරා විද්‍යා ස්මාරකය ගැන සෙවීමට ගිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කලබල වී 23 දා සවස එම පළාතේ ජනතා විරෝධයක් ගොඩ නගා තිබේ.
යාපනයේ කදුරුගොඩ විහාරයට යන මාර්ගයේ පුරා විද්‍යා ස්මාරකයක් ඇති අතර එම ස්ථානයේම විශාල නුග වෘක්ෂයක් ඇත. එය රාජකීය වෘක්ෂය ලෙස නම් කොට තිබේ.
මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක්වන අතර පුරා විද්‍යා ස්මාරකයක්ද පිහිටුවා ඇතත් එම ගස අසල කෝවිලක් පවත්වාගෙන යන පිරිස එම කෝවිල ආදී තීර්ථකෝනී අම්මාන් කෝවිල ලෙස සලකා පුද පූජා පවත්වයි.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එම ස්ථානය සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති නිසා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට ගොස් තොරතුරු සොයා බැලූ අවස්ථාවේදී ගම්වාසීන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්ට ඒ බව දන්වා ඔහුව හා තවත් දෙමළ දේශපාලනඥයින් පිරිසක් එම ස්ථානයට කැඳවා තිබේ.
පසුව කෝවිලේ කුරුක්කල්වරයා හා ගම්වාසීන් එක්ව දෙමළ දේශපාලනඥයින් සමග එම ස්ථානයේ විරෝධතාවයක් පවත්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විරෝධය පලකොට තිබේ.