- අත්සන් එකතු කරලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්..
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදි කරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුපක්ෂ මන්ත්‍රී වරුන් 70 දෙනෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මහාමාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෙන්සටන් ප්‍රනාන්දු විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.
පසුගිය සතියේ ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් වෙත ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය හරහා ලබා දුන් ලේඛනයකට මෙම අත්සන් ලබාගෙන තිබෙන බව සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවිය ද වාර්තා කර තිබිණි.
ආණඩු පක්ෂ ප්‍රධාන කාර්යාලය හරහා ලබාගත් එම අත්සන් සහිත ලේඛණය මේ වනවිට ජනාධිපතිවරයා ලඟ ඇති බව වාර්තා වේ.