කුරුඳු පදනම් කරගත් සිගරට් සන්නාමය ප්‍රවර්ධනය කිරීමට එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (නාටා) විසින් අමාත්‍ය විමල් වීරවංශට රෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වේ
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නීති ප්‍රධානී විරාජ් බණ්ඩාරනායක කියා සිටියේ මෙය අවශ්‍ය අනුමැතිය ලබා නොගෙන සිගරට් ප්‍රවර්ධනය කිරිමක් සිදු වී ඇති බවත් එය නීතිය උල්ලංඝණය කිරීමක් බවත්ය. එමෙන්ම මෙම කුරුඳු පාදක කරගත් සිගරට්ටුව සම්බන්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා නොදුන් බව නාටා ආයතනයට දන්වා ඇති බව ද විරාජ් බණ්ඩාරනායක වැඩිදුරටත් පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ නව සිගරට්ටුව සම්බන්ධයෙන් මහජන සමීක්ෂණයක් පවත්වා නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වාර්තාවක් නාටා ආයතනයට ඉදිරිපත් කර නොමැති බවත්, එම නිසා නිෂ්පාදිතය දේශීය වෙළඳපොළට මුදා හැරීමට සමාගමට බලයක් නොමැති බවත්ය.
“ සිගරට් නිශ්පාදනය හා බෙදා හැරීම නතර කරන ලෙස නාටා ආයතනය ලිඛිත ඉල්ලීමක් කර තිබියදීත් මෙම සිගරට් විශේෂය නිශ්පාදනය කර තිබෙනවා… සමාගම මෙම නියෝගය නොසලකා හැර සිගරට් නිෂ්පාදනය අඛණ්ඩව සිදු කිරීමෙන් වරදක් කළා වගේම මේ ආකාරයේ තවත් නිෂ්පාදන දේශීය වෙළඳපොළට පිවිසීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා…“ යැයි නිතී උපදේශකවරයා කීවේය.
කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ “ලයන් හාට්“ කුරුඳු සිගරට් එළිදක්වමින් කීවේ මෙම නිෂ්පාදනය වැළැක්වීමට විවිධ ආයතන විසින් උත්සාහ කළද ඔහු ඊට ඉඩ ලබා නොදෙන බවය.