කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන හෝටලයක හිමිකරුවෙක් සහ පාන් බනිස් ඇතුළු බේකරි ආහාර අලෙවි කරන ජංගම රථයක පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා විශාල ගැටලුවකට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ මුහුණ දී ඇතැයි දිවුලපිටිය කටාන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ.සී.එස්. කුලතිලක ලංකාසරට පැවසීය.
කොවිඩ් ආසාදිත හෝටල් හිමිකරු හෝටලයේ අයකැමි ලෙස කටයුතු කර තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ දිනයේ දී ඔහුගේ හෝටලයෙන් ප 300ක් පමණ අලෙවි කළ බව ඔහු සෞඛ්‍ය අංශවෙත දන්වා ඇත.
එමෙන්ම ජංගම බේකරි රථයෙන් කෑම අලෙවි කළ තැනැත්තා දිවුලපිටිය, කටුවැල්ලේගම, මරදගහමුල ප්‍රදේශය අවරණය කරමින් විශාල ප්‍රදේශයක අලෙවි කටයුතු කර ඇතැයි වාර්තා වේ.