දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අවටින් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට කිසිම සම්බන්ධයක් සොයා ගත නොහැකි කොවිඩ් ආසාදිතයන් 265 දෙනෙක් හමු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ඩී කුලතිලක ලංකාසරට පැවසීය.
එවැනි ආසාදිතයන් 59 දෙනෙක් කටානින් වාර්තා වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත හෙළිවන්නේ මූලාශ්‍රයක් සොයා ගත නොහැකි ආසාදිතයෙක් නිසා දිවුලපිටිය දිසා රෝහලේ බාහිර රෝගී අංශය වසා දමා වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය නිවෙස්වල නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කිරීමත් සමගය.
ඊයේ නිකුත් වූ පී.සී.ආර්. පරීක්ෂණ මගින් ආසාදිතයෙක් බව තහවුරු වී තිබුණේ රෝහලේ සුළු සේවකයකි.