කීර්ති ප්‍රනාන්දු –
කොරෝනා ආසාදිත රැඳවියන් 105 දෙනකු වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගිය දින දෙකක කාලය තුළදි හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ( පාලන) චන්දන ඒකනායක පවසයි.
මෙම රැඳවියන් පිරිස පී.සී.ආර් පරීක්ෂණවලින් හදුනාගෙන ඇති බවත්, ඔවුන් සියලු දෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
අධිකරණ සහ බන්ධනාගාර වලින් වැලිකඩ බන්ධනාගාරයට රැඳවියන් නැවත ගෙන ඒම ආරම්භ කිරීම නිසා රැඳවියන් වැඩි වීමත් සමග වෛරසය පැතිරී යෑම ද වේගවත් වී ඇතැයි පැවසේ.