නතාෂා නෙත්මිණි –
දිනකට සිදුකරන පීසීආර් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් එය රටට යහපත් තත්ත්වයක් නොවන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.
දිනකට පීසීආර් පරික්ෂණයන් 19000ක් සිදුකලද මේ වන විට එය 10000 දක්වා අඩුවී ඇති අතරම පීසීආර් පරික්ෂණ වාර්තාවන් ලැබීමට දින දෙක තුනක් වැනි කාලයක් ගත වෙන බවද හෙතෙම පෙන්වාදේ.
මේ වන විට ලබා දී ඇත්තේ එන්නතේ පලමු මාත්‍රාව පමණක් බවද එහි දෙවන මාත්‍රාව ලබා දෙන තෙක් ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවීමක් සිදු නොවන බැවින් පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා ගැනීමට පෙර කොවිඩ් වෛරසය ආසාදනය විය හැකි යැයිද ලේකම්වරයා පෙන්වාදේ.
ලෝකයේ ඇතැම් රටවලින් කොරෝනා වෛරසයේ නව ප්රභේදයන් හමුවීම සහ දෙමුහුන් වූ වෛරසයන් ලෙස වෙනස් වීම් වාර්තා වෙමින් පවතින බැවින් එවැනි වෛරසයන් අප රට තුලටද ඇතුළුවීමේ බරපතල අවදානමක් මේ වන විට මතුව ඇතැයි හෙතෙම පැවසීය.
රටතුළට විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන බැවින් පීසීආර් පරික්ෂණයන් වැඩිකළ යුතුව පැවතෙද්දී එය අඩු කිරීමට රටතුළ නැවතත් බරපතල තත්ත්වයන් නිර්මාණය කිරීමට හේතුවක් විය හැකි යැයිද ඔහු පෙන්වාදේ.