නතාෂා නෙත්මිණී –
කොවිඩ් වෛරසය පැතිරිම පාලනය කිරීමේ උච්චතම අවස්ථාවට සෞඛ්‍ය අංශ මේ වන විට පැමිණ ඇති බැවින් මහජනතාවගේ සහය ඒ සදහා ලබා නොදුණහොත් එම පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහෙනු ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමේය ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.
මේ වන විට කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින නමුත් ඇතැම් පුද්ගලයින් රෝගය පාලනය සඳහා පනවා ඇති නීතිරීති නිසිලෙස පිළිනොපදින්නේ යැයි හෙතෙම පැවසීය.
සෞඛ්‍ය අංශවලට වුවද දරාගැනීමේ සීමාවක් ඇති බැවින් එම සීමාව අභිබවා ගියහොත් අප රටට ද බටහිර රටවලට පසුගිය කාලයේදී මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි බාලසූරිය සදහන් කළේය.
ශ්‍රී ලංකාව තුල පැතිර යන කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බැවින් හැම මොහොතකදීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිවැරදි ව අනුගමනයකරන්නැයිද හෙතෙම ජනතාවට දැනුම් දී සිටියි.