- ගම්පහ උද්භිද උද්‍යානයේ ගස් 07, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ගස් 20ක්, දාරළුවේ තවත් ගසක්, මැඩිල්ල ඇල දොරණගොඩ අවට ගස් රැසක්….
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ගම්පහ දාරළුව ප්‍ර දේශයේ ඇති පඩු කරඳ ගස ලෝකයේ එකම පඩු කරඳ ගස බව ප්‍රකාශ වුවද මේ වන විට ගම්පහ උද්භිද උද්‍යානයේ මෙම වර්ගයේ විශාල ගසක් හා සංරක්ෂිත පැළ 06 ක් ඇති බව ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂක රුවිනි ගෝමස් පවසයි. එම ගස් දාරළුවේ ගසට සෑම අතින්ම සමාන බව විද්‍යාත්මකව තහවුරු කරගත් බව ඇය පෙන්වා දෙයි.
සහකාර අධ්‍යක්ෂවරයි මේ පිළිබඳව පවසා තිබුණේ පඩු කරද (Crudia Zeylanica) ගස් සම්බන්ධව වූ තොරතුරු මත ඒවා නිරීක්ෂණයට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහ ගම්පහ උද්භිද උද්‍යානයට ගිය අවස්ථාවේ දීය.
මෙහිදී ඇය සහකාර අධ්‍යක්ෂවරිය පවසා තිබුණේ මේ ගස්වලට අමතරව අත්තනගලු ඔයේ ශාඛාවක්වන මැඩිල්ල ඇළ, දොරණගොඩ, මිනුවන්ගොඩ, හෙන්ඩිමහර, කඩුවෙල හා කදිරාන ප්‍රදේශවල මෙම ශාඛය ඇති බවත් උද්භිද උද්‍යානයේ නිළධාරින් එම ශාඛා නිරීක්ෂණය කළ බවත්ය.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මෙම ශාඛයේ පැළ 20 ක් ඇති බව කී සහකාර අධ්‍යක්ෂකවරිය අදාළ ශාඛය හමු වූ දාරළුව ප්‍ර දේශයේ ද තවත් පඩු කරඳ විශාල ගසක් හා කුඩා ගසක් හමු වූ බව ද පැවසුවාය.
දාරළුව ප්‍ර දේශයේ පඩු කරද ශාඛය බේරා මධ්‍යම අධිවේගී මාර්ගය වෙනස් කර ඉදි කිරීමට රැපියල් ලක්ෂ 86,000 ක මුදලක් වැය වෙන බවට ගණන් බලා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග කීවේය.