ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තෙක් විසිවැනි සංශෝධනය සම්බන්ධව ආරම්භ කළ සටන ඉදිරියට ගෙන යන බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
රටට ආදරය කරන යම් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුට වෙනත් රටවලට තිබෙන පුරවැසිකම් අත්හැර සැබෑ දේශප්‍රේමීයකු ලෙස පුරවැසි බව ලබාගත යුතුව ඇතැයි උන්වහන්සේ පවසති.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ එම සංශෝධනයේ අන්තර්ගතව තිබූ රටට අහිතකර කරුනු වලට එරෙහිව ගෙනගිය සටන මේ වන විට බොහෝ දුරට ජයග්‍රහනය කිරීමට තම බලවේගයට හැකි වූ බවයි.
බොහෝ කරුණු සම්බන්ධව ජය ගත හැකි වුවත් එහි ප්‍රධාන කරුණක් වන ද්විත්ව පුරවැසිභාවය තවමත් ඉවත් කරගෙන නැති බවත් ඒ වහාම ඉවත් කරගන්නා ලෙස ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.
එලෙස ඉවත් කර නොගන්නේ නම් එය ඉවත් කර ගන්නා තුරු අඛණ්ඩව සටනට පිවිසීමට අකමැත්තෙන් වුව ද සිදු වන බව අවධාරණය කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ සටනේ කොතැනකවත් ආණ්ඩුව පෙරළා දැමීමේ අරමුණක් නැති බව පැවසූහ.
වත්මන් ආණ්ඩුව බලයට පත් කර ගැනීම සඳහා වන ගමනේ ඉදිරියෙන්ම තමන් වහන්සේලා ගමන් කළ බවත් එලෙස පත් කරගත් ආණ්ඩුවක් පෙරළා දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි වැරදි ක්‍රියා නවතා දමා ප්‍රජාතන්ත්‍රවාදීව තම ක්‍රියාපිළිවෙත රට හමුවේ තැබීම බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.