රජයේ සෞඛ්‍යය නියාමනයන්ට යටත්ව හෙට (12) දළදා මාලිගාව යළි විවෘත කිරීම ප්‍රායෝගිකව අපහසු බව දළදා මාලිගාවේ දියවඩන නිලමේවර නිලංග දෑල ලංකාසර ට පැවසීය. එහි මතුවන ප්‍රධාන අපහසුතාවය එක් වරකට පනහකට වඩා වැඩි ප්‍රමාණයක් මාලිගාවට ඇතුළු කිරීමට පනවා ඇති සෞඛ්‍ය කොන්දේසිය බව ද හේ පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ලබන සඳුදා (15) වන විට යළි මාලිගාව ජනතාවට විවෘත කිරීම සඳහා සැලසුම් කරන බවත්, ශ්‍රී දළඳා පෙරහර පැවැත්වීම සම්බන්ධව ජනාධිපතිවරයා සමග සඳුදා (15) පවත්වන සාකච්ඡාවේ දී මේ ගැටලු සම්බන්ධව වැඩි දුරටත් විමසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණයක් ගැනීමට නියමිත බවත් දියවඩන නිලමේ වරයා පැවසීය.