සිය දරුවා පාසලට රැගෙන යමින් සිටි මවකට පාසලේ ගේට්ටුව අසලදී වන අලියෙක් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ මවක් දෙහිඅත්ත කණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසියේ ප්රකාශකයෙක් ලංකාසරට පැවසීය.
වන අලි ප්රහාරයට වී ඇත්තේ අරලගංවිල නිකවකන්ද ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි මවකි.
අරලගංවිල සඳගලතැන්න ප්රාථමික විද්යාලට ඉදිරිපිට දී මෙම වන අලි ප්රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.
අරලගංවිල පොලිසිය පවසන අන්දමට වන අලි ප්රහාරයට ලක් වූ කාන්තාව උදෑසසන සිය දරුවා පාසලට ඇරලවීම සඳහා පැමිණ තිබේ.
කාන්තාව සහ දරුවා පාසල් ගේට්ටුව ආසන්නයට පැමිණෙන විටම වන අලියා කඩා පැන කාන්තාවට පහර දී ඇත.
ඒ අවස්ථාවේ දී පාසලේ ගේට්ටුව අසල රැඳී සිටි පාසලේ දරුවන්ගේ දෙමාපියන් කෑ ගැසීම නිසා බියපත් වූ අලියා ගේට්ටුව අසලින් පලා ගොස් ඇත. මෙසේ අලියා පලවා හැරීමට හැකි වූ නිසා කාන්තාවට සහ ඇගේ දරුවාට ජීවිතය බේරා ගැනිමට හැකි වී ඇතැයි පොලිසිය පැවසීය.