තෛයිපොංගල් උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස්ගේ අහඹු පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
එසේ යන පිරිස්ගේ අහඹු පරික්ෂණ සිදු කිරීමට කොළඹින් ස්ථාන 11 ක කණ්ඩායම් යොදවා ඇති බවත්, පැය 24 පුරාම මෙම කණ්ඩායම් යෙදවීමට ඉඩකඩ තිබෙන බවත් ඔහු පැවැසීය.
කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ඊයේ (12) දින වන තෙක් පී.සී.ආර් පරීක්ෂණ 1,427,366 ප්‍රමාණයක් සිදු කර ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.
අද දින (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.
තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් වන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථාන වලට ඒකරාශී නොවන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා දන්වයි.
ඊයේ දින (12) රාත්‍රීයේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 ක් තුලින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 02 ක් හදුනා ගැනීමට හැකි වී ඇත.
අද දිනයෙත් (13) කොළඹින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය