නතාෂා නෙත්මිණි
ගම්පහ දිස්ත්‍රික්කය තුළ යළි කොවිඩ් අවදානම් තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගම අනතුරු හඟවා සිටියි.
තිහාරියේ ජනතාව සෞඛ්‍ය නීතිරීති නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය ඇතිවිය හැකි බව සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.
තිහාරිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු මුලින් හඳුනා ගැනීමෙන් පසු අහඹුලෙස තොරාගත් පුද්ගලයින්ට සිදුකල පීසීආර් පරික්ෂණවලදී මුලින්ම පුද්ගලගයින්ද 12 දෙනෙකුද පසුව අසාදිතයින් 25 දෙනෙකුත් හඳුනා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසීය.
තිහාරිය ප්‍රදේශය ටයිල් වෙළදාමට ප්‍රසිද්ධියක් උසුලන බැවින් එම පුද්ගලයින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳාම් කටයුතු සිදුකරන බැවින් වෛරසය අනෙකුත් ප්‍රදේශයන් කරා පැතිරීමේ බරපතල අවදානමක් පවතින බවද ඔහු සදහන් කළේය.
සිදුකල පීසීආර් පරික්ෂණයේ වාර්තාව ලැබෙන තෙක් නිවෙස් වෙත රැදී සිටින ලෙස මොවුන්ට දැනුම් දුන්නද මොවුන් එම අවවාද පිළිනොගෙන දිවයිනේ දුරබැහැර ප්‍රදේශයන් වෙත වෙළදාම සදහා පිටවගොස් ඇති බවට තොරුතුරු අනාවරණය වන බවද බාලසූරිය මහතා පැවසීය.