කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
තහාරියෙන් කොවිඩ් ආසාදිතයන් 59 දෙනෙක් දැනට වාර්තා වී ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා ලංකාසරට පැවසීය.
ග්‍රාම සේවා වසම් පහකින් යුතු විශාල ජනගහණයක් සහිත මෙම ප්‍රදේශය සිතියම් ගත කර සංචරණ සීමා පැනවිය යුතු ප්‍රදේශ පිළිබඳ මේ වනවිට අධ්‍යයනය කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සීමා පැනවිය යුතු වන්නේ සෞඛ්‍ය හා පරිපාලන සේවා පහසුවන ආකාරයටත් ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු නොවන ආකාරටයත් බව ඔහු පෙන්වා දුන්නේය.
මේ වනවිට මවුලවි වරුන් 14 දෙනෙක් හා සෞඛ්‍ය අංශ එක්ව ඇති කරගත් ක්‍රමවේදයක් තුළ මුලින් ඇති වූ විරෝධතා මැඩ පවත්වාගෙන සාපේක්ෂව යහපත් ආකාරයට ප්‍රදේශය තුළ පී.සී.ආර් පරීක්ෂණ පවත්වාගෙන යන බව ඔහු වැඩි දුරටත් කීය.