කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
උඩුගම්පල දොරණගොඩ 68 හැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම නිසා මිය ගොස් ඇති බව ගම්පහ රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
මෙම කාන්තාව ඇතුළු තිදෙනෙක් මෙම නිවසේ ජීවත්ව සිට ඇති බවත්, ඇය නිවෙස තුළම ජීවත් වූ කාන්තාවක් වන අතර කොළඹ රැකියාවකට යන ඇයගේ දරුවෙක් ඔක්තෝම්බර් 6 වන දා සිට නිවසේ සිට ඇති බවත් ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.
මේ කාන්තාව ඊයේ රාත්‍රියේ රෝගාතුර වී ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. අද මිය ගිය ඇයගේ මෘත දේහයේ පීසීආර් පරීක්ෂණ කරන විට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේ දී ජාත්‍යාන්තර නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් තව ස්වල්ප වෙලාවකින් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි.
නිවසේ පදිංචිව සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා නිරෝධායනයට යොමු කර ඇති අතර හෙට (09) උදෑසන පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.