දිනසේන රතුගමගේ
කිළිනොච්චිය මුහමාලේ තල් වනයට ගිනි ඇවිලීම නිසා 28 දා තල් ගස් දෙදහසක් පමණ විනාශ වී ගොස් තිබේ.
මෙම ගිනි ගැනීම නිසා වැඩි වශයෙන්ම විනාශයට පත්ව ඇත්තේ වසරක් පමණ වයස තල් ගස් බව ප්රදේශවාසීන් පැවසීය.
කිළිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්රදේශයේ වැසියන් යළි පදිංචි කරවීම සඳහා තෝරාගෙන ඇති අතර ඔවුන් සිය ඉඩම් සුද්ධ කොට රොඩු ගොඩවල් වලට ගිනි තැබීමෙන් නැගුණු ගිනි තල්වනය තෙක් ඇවිලී ගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
යාපනයේ කොඩිගාමම් පොලීසිය මෙම ගින්න පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.