දිනසේන රතුගමගේ –
බුරවි සුළි සුළග නිසා යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ මීටර් 300 ත් 500 ත් අතර ප්‍රදේශයක් සමුද්‍ර ඛාදනයට ලක් ව ඇතැයි ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් එෆ්.සී.සත්යසෝදි පැවසීය.
සුළි සුළග සමග මුහුදු ජලය ගෙඩබිමට ඉතා වේගයෙන් ගලා ඒම නිසා සමුද්‍ර ඛාදනය සිදුව ඇති බවත් එම ජල පහරට හසු වී ධීවරයින්ගේ ධීවර යාත්‍රා 40 ක පමණ විනාශ වී ගොස් ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
ඩෙල්ෆ්ට් දූපතේ ධීවර පවුල් 829 කට ඉතා දැඩි හානි සිදුව ඇති බවත් තවත් පවුල් 112 කට සුළු වශයෙන් හානි සිදුව ඇති බවත් කී ප්‍රාදේශීය ලේකම්වරයා අන්තර් ජාල පහසුකම් ඇණහිට තිබීම නිසා ඩෙල්ෆ්ට් ජනතාවට බැංකු පහසුකම් ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයක් උද්ගතව ඇති බවත් සදහන් කළේය.