දිවයිනටම විදුලිය ඇන හිටීම සම්බන්ධයෙන් හේතු සොයා බැලීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුක්ත වෙයි.
එහි අවසන් වාර්තාව දින හතක් තුළ භාර දෙන ලෙස අමාත්‍යවරයා කමිටුවට උපදෙස් දී ඇත.
අද දහවල් 12.30 ට පමණ දිවයිනටම විදුලිය ඇනහිටි අතර මේ වනවිට ඇතැම් ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇත.
එසේ වුවද විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වූ ප්‍රදේශවල ද වරින් වර කෙටි විදුලි ඇනහිටීම් සිදුවන බවට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.