- උතුරේ පුරාවිද්‍යා ඉඩම් නැතිලු… ටී.එන්.ඒ දේශපාලකයෙක් පුරාවිද්‍යා ඉඩම් බලෙන් බෙදලා
- පොල් සංවර්ධන ව්‍යාපෘතියක් කජු ව්‍යාපෘතියක් නවත්වලා
දිනසේන රතුගමගේ –
මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් මැනීමේ කටයුතු ආරම්භ කොට ඒවායෙහි සීමාවන් සලකුණු කිරීමට පටන් ගැනීමත් සමගම උතුරේ වැසියෝ මහා පරිමාණයෙන් කැළෑ එළිපෙහෙලි කොට එම ඉඩම් ඔවුන්ගේ බව පෙන්වීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.
මේ සමගම මේ දිනවල උතුරේ ඉඩම් අර්බුද වැඩි වී ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු මහවැලියට හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්ද ඔහුගේ අනුගාමිකයින්ට බෙදා දීමට උත්සහ කරමින් සිටියි.
ඔහු කියා සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුරා විද්‍යාවට හා මහවැලියට ඉඩම් නොමැති බවත් රජය සිංහල වැසියන් උතුරු පළාතට දකුණෙන් රැගෙන විත් බලහත්කාරයෙන් සිංහල ජනපද පිහිටුවීමට උත්සහ කරණ බවයි.
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේද විශාල වශයෙන් කැළය කපමින් එම ඉඩම් ඔවුන්ගේ බව පෙන්වීමට මේ දිනවල විශාල පිරිසක් උත්සහ දරමින් සිටියි.
වවුනියාව හා මුලතිව් අතර ප්‍රදේශයේ රජයේ ඉඩම් වල පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති නමුත් එම ඉඩම් වල මිනුම් කටයුතු සිදු කරන අවස්ථාවේදිම දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් විරෝධය පලකොට පොල් සංවර්ධන මණ්ඩලයට එම ඉඩම් ලබා දීම නවතා දමා තිබේ.
උතුරේ කජු වගා කිරීම සඳහා තීරණය කළ යෝජිත ව්‍යාපෘතියක්ද මෙම ඉඩම් ආරවුල් නිසා අතරමග නතර කොට දැමීමට සිදුව තිබේ.