දිනසේන රතුගමගේ –
උතුරේ වර්තමාන තත්ත්වය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් හා ඇමරිකානු තානාපතිවරිය අතර විශේෂ සාකච්ඡාවක් අද 24 දා පෙරවරුවේ යාපනයේ හෝටලයකදී පැවැත්වුණි.
ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් ( Alaina B. Teplitz ) සමග පැවති සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්රික් මන්ත්රී එස්.ශ්රීධරන්, හිටපු මන්ත්රී මාවෙයි සේනාධිරාජ උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඤාණම් යන පිරිස සහභාගී වී තිබේ.
ශ්රීධරන් මන්ත්රීවරයා මේ සාකච්ඡාවෙන් පසුව පැවසුවේ දෙමළ ජාතික සන්ධානය විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන්ද උතුරේ දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්රශ්න හා ගැටලු පිළිබඳවද උතුරේ සංවර්ධන කටයුතු පිළිබදවද ඇමරිකානූ තානාපතිවරිය සමග සාකච්ඡා කළ බවයි.