-
මීට කලින් අපරික්ෂාකාරී රිය ධාවනය පිළිබඳ වරදට උසාවිය මග හැරලා… මේ තැනැත්තා ගංගොඩවිල උසාවියෙ වරෙන්තු කරුවෙක්…
ජීවිත 15 බිලි ගෙන තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයන් කළ පස්සර ලුණුගල බිහිසුණු අනතුර සිදුකළ බස් රථයේ රියදුරු මෙතෙක් කල් බස් රථය ධාවනය කර ඇත්තේ වලංගු රියදුරු බලපත්රයක් නැතිව බව පොලිසිය විසින් හෙළි කරගෙන තිබේ.
මෙම රියදුරා මෙතෙක් බස් රථය ධාවනය කර තිබුණේ වෙනත් පුද්ගලයෙකුට අයත් රියදුරු බලපත්රයකින් බව පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.
එමෙන්ම මේ තැනැත්තා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධව ගංගොඩවිල උසාවියේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක් බව වාර්තා වේ.
බස් රථය පෙරළී යන අවස්ථාවේ දී ඉන් පැනගත් මේ රියදුරා සියල්ලන්ටම පෙර ත්රී රෝද රථයක නැගී රෝහලට පැමිණ ප්රතිකාර ගෙන තිබේ.