පහළොස් දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර සිදුවුණු බදුල්ල පස්සර මාර්ගයේ ලුණුගල 13 කණුව අසල මාස හයක් තිස්සේ මාර්ගයට පෙරළී තිබූ ගල වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක ආර්. එම්. එස්. බණ්ඩාර මාධ්‍යයට පැවසුවේ මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබු ගල ඉවත් කිරිමට තම ආයතනය මීට මාස හයකට පමණ පෙර නිර්දේශ කර තිබු බවය.
ගල පිහිටි ස්ථානය අවට පදිංචිකරුවන්ට අනතුරක් නොවන පරිදි ගල පුපුරුවා හැර ඉවත් කිරිම සුදුසු බවට එහිදි තිරණය කළ බවත් මෙම ස්ථානයට අමතරව බදුල්ල පස්සර මාර්ගයේ තවත් අනතුරුදායක ස්ථාන පහක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළ බවත් ඔහු කීවේය.