ජාතික ලයිස්තුවෙන් ලැබි ඇති ආසනය බෙදා ගනු නොහැකව අපේ ජන බල පක්ෂය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වි ඇතැයි වාර්තා වේ.
පක්ෂයේ නායකත්වය දරන අතුරලියේ රතන හිමියන් මේ ලැබුණු මන්ත්‍රී ධුරය නියෝජනය කරන්නට උත්සාහ කරන අතර ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ එම ධූරය අපේක්ෂාවෙන් පසුවෙතැයි කියති.
මේ අතර එම පක්ෂයේ ලේකම් ධුරය දරන හිමියන් මැතිවරණ කොමිසමට ගොස් තමන් එම මන්ත්‍රී ධුරය වෙත පත් කරන්නැයි ලිඛිතව ඉල්ලීමක් කර ඇත. නමුත් මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිත ලේඛනයක් ඉදිරිපත් වී නැති හෙයින් එම ඉල්ලිම මැතිවරණ කොමිසමෙන් ප්‍රතික්ෂේප වී තිබේ.