දිනසේන රතුගමගේ –
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවන් කළු පැහැති ඇදුමින් සැරසී කළු කොඩි ඇතැතිව 8 දා දහවල් විරෝධතා පාගමනක නිරත වූහ.
ඔවුන් කියා සිටියේ යුද සමයේදී අතුරුදහන් වූ සිය ඥාතීන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබදව ඊට වගකිවයුතු නිලධාරීන් පිළිතුරු ලබා දිය යුතු බවයි.
මුලතිව් කතෝලික දේවස්ථානයෙන් ආරම්භ වී මුලතිව් නගරයේ වීථි ඔස්සේ ගමන් කළ මෙම විරෝධතා පෙලපාලියට කිතුණු පූජකවරුන්ද සහයෝගය ලබා දී තිබුණි.