ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය වුවහොත් ඊට සූදානම්ව සිටින ලෙස රජය මඟින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමක් සිදු කර ඇතැයි මැතිවරණ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පැමිණිලි විභාග කිරීමට අද සිට ආරම්භ වූ අතර මෙම පැමිණිලි විභාගය අනුව 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඊට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා මෙසේ දැනුවත් කර ඇති බව සඳහන් වේ.
20 වැනි සංශෝධනයේ පවතින ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතර ව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බව ආණ්ඩුවේ නීති විශාරදයින් බහුතරයක් ද මේ වනවිට මත පල කර ඇති ව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් තම අදහස් පළ කරන අදිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිද සඳහන් කර ඇත්තේ යම් හෙයකින් ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් රජය නොපමාව එවැනි ජනමත විමසුමකට යන බවයි.