නතාෂා නෙත්මිණි –
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කතෝලික පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මාර්තු 2වන දින හමුවීමට තීරණය කර ඇත.
මෙම හමුවේදී පාස්කු ප්රහාරය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබදව කාදිනල් හිමියන්ව දැනුවත් කිරිමට තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
අගතියට පත් කතෝලික ජනතාවට අසාධාරණයක් නොවන්නටත් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් මෙහිදී කාදිනල් හිමියන්ගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් අදහස් කර ඇතැයිද සදහන් වේ.